ඉන්දු – පාකිස්ථාන තරගය අද – පාකිස්ථාන කණ්ඩායම වර්ජනයක

ආසියානු කුසලාන විස්සයි විස්ස තරගවලියේ සුපිරි හතර වටයේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය අද (21) රාත්‍රියේ පැවැත් වෙනවා.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති මතභේදයට තුඩු දුන් තරගයෙන් දින කිහිපයකට පසුවයි අද මෙම තරගය පැවැත්වෙන්නේ.

මේ අතර ඉන්දියාව සහ පාකිස්ථානය අතර අද තරගයට පෙර, ඊයේ (20) දිනයේ පැවති මාධ්‍ය හමුව පාකිස්ථානය විසින් වර්ජනය කර තිබෙනවා.

ඒ, අනුව පාකිස්ථානය නියෝජනය කරමින් කිසිඳු අයෙක් මෙම මාධ්‍ය හමුවට සහභාගී වූයේ නැහැ.

අද පැවැත්වෙන තරගය සඳහා ද දෙරට අතර පැවති පළමු තරගයේ දී තරග තීරක ලෙස කටයුතු කළ ඇන්ඩි පයික්‍රොෆ්ට් පත්කර තිබීම හේතුවෙන්, ඊට විරෝධය පළකිරීමක් ලෙස පාකිස්ථානය නායකයා හෝ වෙනත් අයෙක් ඊයේ පැවති මාධ්‍ය හමුවට එක් නොවූ බවයි විශ්වාස කරන්නේ.

සැප්තැම්බර් 14 වන දින පැවති ඉන්දු – පාකිස්ථාන තරගයට පෙර කාසියේ වාසිය දිනා ගැනීමේදී අතට අත නොදෙන ලෙස පයික්‍රොෆ්ට් නායකයින් වන සූර්යකුමාර් යාදව් සහ සල්මන් අලි ආගාගෙන් ඉල්ලා සිටීමෙන් පසු ඊට පාකිස්ථානයෙන් විරෝධයක් එල්ල වුණා.

ඊයේ (20) පස්වරු 6.00 ට මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතව තිබූ අතර, ඉන්දියාව නියෝජනය කරමින් නායක සූර්යකුමාර් යාදව් සහභාගීව සිටියා.

පාකිස්ථානයෙන් ඊට කිසිවෙකු සහභාගී නොවූ අතර පාකිස්ථාන කණ්ඩායම පස්වරු 6.00 සිට ඩුබායි හි ICC ඇකඩමියේ පැය තුනක් පුහුණුවීම්වල නිරත වී ඇති බවයි වාර්තා වුණේ.

  1. ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් කරන්නේ රට රටවල් අතර මිත්‍රත්වය සහ සහෝදරත්වය ඇතිකිරීම මිස සතුරන් ඇතිකිරීම නොවෙයි. ක්‍රීඩාවෙ පුනර්ජීවය පවත්වාගනු නොහැකිනම් දෙපාර්ශ්වයම ජාත්‍යන්තර තරග වලට සහභාගි නොවීය යුතුව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39