ගිනිබත් වූ නැව ගැන සජිත් කිවු අමුතුම කතාවට කාගේත් කතාබහට

කොළඹ වරායේ සිට වයඹ දෙසට වන්නට නංගූරම් ලා තිබියදී ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට සමූද්‍ර කලාපයට යාත්‍රා කිරීමට අවසර ලබාගෙන ඇත්තේ කුමන පුද්ගලයෙකුගෙන් ද යන්න අනාවරණ කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාල සිදුවීම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

අදාළ නිවේදනය මගින් විපක්ෂනායකවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ නෞකාව මෙරට සමුද්‍රීය පද්ධතියට පැමිණෙන බව අදාල පාර්ශව වලට විධිමත්ව දැනුම්දීම සිදුකර ඇත්ද යන්න පිළිබඳව කඩිනමින් අනාවරණ කලයුතු බවයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාල සිදුවීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කළ නිවේදනය පහතින්.

උපුටා ගැනීම….

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉන්දියාවේ සිට සිංගප්පූරුව දක්වා යාත්‍රා කරමින් තිබියදී කොළඹ වරායට නාවික සැතපුම් නවයකට ආසන්න මුහුදු තීරයේ දී  ගිනි ගැනීමට ලක්වීම පිළිබඳව  අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බව අවධාරණය කරමු.එක්සප්‍රේස් පර්ල් නැව මැයි මස 10 දින ඩුබායි හි ‘ජෙබෙල් අලි’ වරායෙන් නයිට්‍රික් ඇසිඩ් මෙට්‍රික් ටොන් 25 ක් ඇතුළුව බහලුම් 1486 ක් පටවා ගෙන ඇති බවත්, ශ්‍රී ලංකාවට සැතපුම් දහස් ගණනක් ඈත ආරාබි මුහුදේ හෝමූස් සමූද්‍ර සන්ධියට ආසන්න වෙත්ම බහලුම් 2 ක නයිට්‍රික් ඇසිඩ් කාන්දු වන බව නැවේ කාර්ය මණ්ඩලය සොයාගෙන ඇති බවත් පැවසේ. ඇසිඩ් කාන්දුව වාර්තාවීමත් සමග නැව කටාර් දේශයේ Hamad වරාය වෙත යාමට උත්සාහ කොට ඇති අතර, නමුත් ඇසිඩ් කාන්දුව නිසා වරායට ඇතුල් වීමට කටාර් රාජ්‍ය අවසර දී නැත.එවන් තත්වයක් තුළ මෙවැනි අවධානම් සහගත නෞකාවක් මෙරට මුහුදු සීමාවට ඇතුල් වීම අහම්බෙන් සිදුවිය හැක්කක් නොවේ. ඒසේනම් ඊට අවසරය ලැබුණේ කෙසේද?කාගෙන්ද? යන බරපතල ප්‍රශ්නය මේවනවිට පැන නැගී තිබේ.ජාතික ආරක්ෂාව පිළිබඳව පුන පුනා කතා කරන ආණ්ඩුව මෙවන් අවදානම් සහගත නෞකාවක් මෙරට මුහුදු තීරය වෙත පැමිණෙන තුරු නිහඬව සිටියේ ඇයි?

අදාල ගිනිගැනීම හේතුවෙන් සමුද්‍රීය පද්ධතිය ඇතුලු සමස්ථ පරිසරයට දැඩි අහිතකර බලපෑම් සිදුව ඇති බව වාර්තා වේ.’එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ඉන්දියාවේ සහ කටාර් හි වරායන් දෙකකට ඇතුළුවීමට සිදුකළ ඉල්ලීම එම වරායන් ප්‍රතික්ෂේප කළ බවට පළවූ විදෙස් මාධ්‍ය වාර්තා පිළිබඳව අපගේ විශේෂ අවධානය යොමු කරන අතර මේ සිදුවීම හරහා පැන නගින විශේෂ ගැටලු කිහිපයක් වේ.

විශේෂයෙන්ම මේ ගිනිගැනීම හේතුවෙන් අදාල සමූද්‍රීය කලාපයට දැඩි හානි සිදුවීමත් ඒ් හේතුකොටගෙන සෟජු සහ අතුරු ප්‍රශ්න රැසක් නිර්මාණය වීමත් නොවැලැක්විය හැකි කරුණකි.මේ හේතුවෙන් ධීවර කර්මාන්තයට දැඩි බලපෑමක් සිදු වී ඇත.නෞකාවේ විෂ රසායන හේතුවෙන් මෙම මුහුදු තීරයන්හිදී අල්ලා ගන්නා ලද මසුන් ආහාරයට ගැනීමද අනතුරුදායක බවටද විශේෂඥ මත ඉදිරිපත්ව ඇත. කොරෝනා උවදුර නිසා මේ වන විට ලංකාවේ ලක්ෂ 10 කට පමණ ‍රැකියා අහිමිව ඇති අතර මෙම නාවික අනතුර නිසා තවත් ලක්ෂයකගේ පමණ රැකියා අවධානමකට ලක්ව තිබේ.අදාල නෞකාවට ඉන්දියාවෙන්ද බහාලුම් එක්කර ඇති බව පැවැසෙන අතර ඉන්දීය වයිරස් ප්‍රභේදය ද ඒ හරහා මෙරටට එක් වීමේ අවදානමක් ඇතැයි ද  අනතුරු අඟවා ඇත.රසායන ද්‍රව්‍ය සහිත ඉන්ධන ගසාගෙන විත් මුහුදු තීරයට එකතු වීමෙන් ජලජ ජීවීන්, කොරල් පර හා අවට විශාල වායු දූෂණයක් ඇතුළු බරපතළ හානි සිදු විය හැකි බව විශේෂඥ මතය යි.

වායුගෝලයට විමෝචනය වන නයිට්‍රජන් ඔක්සයිඩ් වායුව ඉහළ වායුගෝලයේ ඇති ජල අංශු සමග මිශ්‍ර වීමෙන් නයිට්‍රික් අම්ලය හෙවත් ඇසිඩ් වැසි ඇති වන ස්වභාවයක් ගන්නා අතර එලෙස ඇති වන වායුව හේතුවෙන් අවට ප්‍රදේශවල ඇසිඩ් වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බවත් විද්‍යාත්මක තත්ත්වය යි.

විශේෂයෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් ඒකිනෙකට පරස්පර මත ආණ්ඩුවේම පාර්ශව විසින් ඉදිරිපත් කරන අතර එය  මේ සිදුවීම පිළිබඳව දැඩි සංකීර්ණතාවයක් ඇති කිරීමට හේතු වී තිබේ.

අදාල නෞකාව මෙරට සමූද්‍ර කලාපයට යාත්‍රා කළේ කාගේ අවසරය පිටද? නෞකාව මෙරට සමුද්‍රීය පද්ධතියට  පැමිණෙන බව අදාල පාර්ශව වලට විධිමත්ව දැනුම් දුන්නාද? ඒ්සඳහා වගකීම භාර ගන්නේ කවුද?.සිදුවී ඇති පාරිසරික හානිය හේතුවෙන් අදාල නෞකාව අයත් ආයතනය ශ්‍රී ලංකාවට කොපමණ වන්දියක් ගෙවිය යුතුද? හානිය තක්සේරු කරන්නේ කවුද?.එම වන්දිය ලැබෙන බව විශ්වාසද?.

ඉකුත් සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළතිරයේ සිට නාවික සැතපුම් 38 කට එපිටින් නිව් ඩයමන්ඩ් නමැති නැව ගිනිගෙන විනාශ වූ අතර ඊට ඩොලර් මිලියන ගානක වන්දියක් දුන් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනු ලැබීය.

ඒ් මුදල් පවා ලැබුණාද නැද්ද යන්න තවමත් නිෂ්චිතව පවසා නැත.  
මේ සියලු කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමුකොට අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සත්‍ය හොළිදරව් කරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.

272667 1
272667 2



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18