පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අද රාත්‍රියේ

ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් රැසකට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකබලා ගැනීමේ හැකියාව අද (07) දිනයේ පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.

ඒ, අනුව අද (07) රාත්‍රී 8.58 සිට හෙට (08) අලුයම 2.25 දක්වා කාලය තුළ මෙම චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතින බවයි මහාචාර්යවරයා පැවසුවේ.

පූර්ණ චන්ද්‍රග්‍රහණය සම්පූර්ණයෙන් දිස්වීම අද (07) රාත්‍රී 11.01 සිට හෙට (08) අලුයම 12.22ක් දක්වා කාලය තුළ සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම මෙම චන්ද්‍රග්‍රහණය පූර්ණ වශයෙන් හෝ අර්ධ ග්‍රහණයක් වශයෙන් සියයට 85ක් පමණ ලෝක ජනතාවට දිස්වනු ඇති.

යළිත් මෙවැනි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ශ්‍රී ලාංකිකයින්ට දැකගැනීමට හැකියාව හිමිවන්නේ 2028 වසරේදී බවයි මහාචාර්ය චන්දන ජයරත්න පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?