ප්‍රභා ඇතුළු LTTE නායකයින්ට පළායන්න මහින්ද සටන් විරාමයක් දුන්නා – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා (වීඩියෝ)

යුද්ධය අවසන් අදියරේ පැවති අවස්ථාවේ ප්‍රභාකරන් ඇතුළු එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයින්ට පළා යෑමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සටන් විරාමයක් ප්‍රකාශයට පත්කළ බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

2009 වසරේ ජනවාරි 31 සහ පෙබරවාරි මස පළමු වනදා මෙම සටන් විරාමය හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ බවයි ෆීල්ඩ් මාර්ෂල්වරයා සඳහන් කර සිටියේ.

එවක ආරක්ෂක කවුසිලය ඊට දැඩි විරෝධය පළකර සිටිය ද, හිටපු ජනාධිපතිවරයා විසින් පැය 48ක එම සටන් විරාමය ප්‍රකාශයට පත්කළ බවයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැඩිදුරටත් පැවසුවේ.

මෙම සටන් විරාම කාලය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානය එල්ල කළ ප්‍රහාරවල දී මෙරට ආරක්ෂක හමුදා සාමාජිකයින් 500 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වූ බවත් ඔහු සඳහන් කර සිටියා.

ප්‍රජාතන්ත්‍රවාදය ජාතික ආරක්ෂාව සැමට එක නීතිය සඳහා දූෂණයට වංචාවට හා අවභාවිතයට එරෙහිවූ ව්‍යාපාරය සඳහා වූ පාර්ලිමේන්තුවෙන් පිටත ව්‍යාපාරය සංවිධානය කර තිබූ ජන හමුවකට මිනුවන්ගොඩ දී එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55