සැප්තැම්බර් 07 වනදා පූර්ණ චන්ද්‍රග්‍රහණයක්

එළෙඹෙන සැප්තැම්බර් මස 07 වනදා ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් රැසකට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකබලා ගැනීමේ හැකියාව පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.

එදින රාත්‍රී 8.58 සිට පසුදා (08) අලුයම 2.25 දක්වා පැය 05යි විනාඩි 27ක කාලයක් මෙම චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතින බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.

සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය ගමන් කරන අතර පෘථිවියෙහි වඩා අදුරු වූ පූර්ණ ඡායාව තුළින් චන්ද්‍රයා ගමන් කිරීම හේතුකොට ගෙන පැයකුත් විනාඩි 22ක කාලයක් චන්ද්‍රයා අදුරු වී යාම මෙහිදී සිදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය සම්පූර්ණයෙන් දිස්වීම 07 වනදා රාත්‍රී 11.01 සිට 08 වනදා අලුයම12.22ක් දක්වා කාලය තුළ සිදුවන අතර, යළිත් මෙවැනි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ශ්‍රී ලාංකිකයින්ට දැක ගැනීමට හැකියාව හිමිවන්නේ 2028 වසරේදී බවයි මහාචාර්ය චන්දන ජයරත්න පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැද පෙරදිග යුද්ධය නිසා සංචාරක කර්මාන්තයෙන් සතියකට ඩොලර් මිලියන 10ක් අහිමි වෙනවා
03:05
Video thumbnail
රෑට රෑට ගෙවල්වලට පනින හොරෙක් නිසා ගමක් බියෙන්
01:09
Video thumbnail
මැද පෙරදිග යුද්ධය නිසා ජගත්ට යකා නගියි..ගල් අඟුරු ප්‍රශ්නය මේකෙන් යට ය‍යිද ?
01:47
Video thumbnail
කාන්තාවකට දිවි අහිමි කරලා පළා යමින් සිටි යතුරුපැදිකරු අනතුරකින් රෝහලට
03:21
Video thumbnail
සජබය රජයට සහය දෙන්න සූදානම් ?..මේ වෙලාවේ අපි ඉන්න ඕනී රටක් විදියට එකට
01:45
Video thumbnail
අපිට අත තිබ්බොත් ආණ්ඩුවට අඳුරුතම පැය 72කට මුහුණ දෙන්න වෙයි
02:49
Video thumbnail
අපි කියන්න ඕන දේ විපක්ෂය අපිට කියලා දෙන්න ඕනේ නෑ
14:44
Video thumbnail
පෝළිම් හදලා ආණ්ඩුව පෙරළන්න ඕනි නෑ..බොරුවෙන්ම ගෙදර යයි
04:27
Video thumbnail
විදේශීය තැපැල් කටයුතු ඇණහිටියි ? තැපැල්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්
02:40
Video thumbnail
මැද පෙරදිග යුද්දය අස්සේ සංජීව මහින්ද ගැන කළ ප්‍රබල හෙළිදරව්ව..මේක පුදුම විකාර ලෝකයක්නේ
05:40