කුෂ් සමඟ ඇල්ලූ බ්‍රිතාන්‍ය ජාතික චාලට් මේගේ නීතිඥයාට අධිකරණයෙන් දඬුවමක්

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි තරුණ නීතිඥවරයකු විසින් අධිකරණ සිරමැදිරියේ සිටි, සිය විදෙස් ජාතික සේවාදායකයා හට වීඩියෝ දුරකථන ඇමතුමක් ලබාදීමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් ඒ පිළිබඳව අතිරේක මහේස්ත්‍රාත්වරියට කරුණු වාර්තා කර තිබෙනවා.

එහීදි මහේස්ත්‍රාත්වරිය එකී වරද සිදුකළ නීතිඥවරයා හට දැඩිව අවවාද කොට මුදාහැරිය අතර, මින්මතු එම නඩුවට පෙනී සිටිම සහ එම නඩුව අවස්ථාවේ දී අධිකරණයට පැමිණිම ද තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.

ශ්‍රී ලංකා ගුවන් තොටුපොළේ දී රේගු ඉතිහාසයේ ගුවන් තොටුපොළකදී අත්අඩංගුවට ගත් විශාලතම කුෂ් තොගය වන කිලෝ 46යි ග්‍රැම් 60ක් සමග අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතික ගුවන් සේවිකාවක වන 21 හැවිරිදි චාලට් මේ ලී නම් කාන්තාව සැකකරුවකු ලෙස නම් කර ඇති නඩුව අද (20) කැඳවනු ලැබූ අවස්ථාවේ දී එම සිද්ධිය මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ශලා අංක ⁣02 තුළදී සිදුව තිබෙනවා.

නීතිඥවරයා පැමිණ සිර මැදිරියේ සිටි සේවාදායිකාව සමඟ කතා කිරීමට බන්ධනාගාර නිලධාරීන්ගෙන් අවසර ඉල්ලා ඇති අතර, ඒ පිළිබඳව අවධානයෙන් සිටි නිලධාරීන්ට දැකගත හැකිව ඇත්තේ එම නීතිඥවරයා තම දුරකථනය ගෙන එය ක්‍රියාත්මක කර කොට් සාක්කුවේ දමා ගන්නා අයුරුත්, එම සිරමැදිරිය තුළ සිටින සේවාදායිකාවට ඉතා ලංවී කතා කරන ආකාරයයි.

ඒ, පිළිබඳව සොයා බැලීමේ දී දුරකථන ඇමතුමක් ගන්නා බව තහවුරු වීමෙන් බන්ධනාගාර නිලධාරීන් එම දුරකථනය තමන් භාරයට ගෙන නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී මහෙමහේස්ත්‍රාත්වරිය වෙත එය ඉදිරිපත් කරමින් කරුණු වාර්තා කළා.

එහිදි කරුණු දැක්වූ බන්ධනාගාර නිලධාරිවරයා මෙසේ පැවසීය. ” ගරු මැතිණියනි, මේ,නීතිඥවරයා ඒ සිරමැදිරියේ ඉන්න සැකකාර එංගලන්තය ජාතික කාන්තාවට කතා කිරිමට අවශ්‍ය බව පවසා එතැනට ගියා. අපි අවදානයෙන් හිටියේ. ⁣දුරකථනය අරන් කෝට් එකේ උඩ සාක්කුවේ දාන් යමක් කරන බව වැටහුනා. අපි ක්‍රියාත්මක වෙලා දුරකථනය ගත්තා. ගරු මැතිණියනි මීට පෙරත් එම සැකකාරිය බලන්න බන්ධනාගාරයට පැමිනි පුද්ගලයකු බොත්තමක් වැනි කැමරාවක් මගින් වීඩියෝ කරලා බන්ධනාගාරය ගැන විඩියෝ පටයක් ලොවපුරා බේදා හැරියා. මේකත් ඒ වගේ මාධ්‍යට ගියා නං අපේ රස්සාවත් ඉවරයි. ගරු මැතියනී මේ පිළිබඳව සුලුවෙන් නොතකා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.” ඉන් අනතුරුව එකී ජංගම දුරකථනය මහෙස්ත්‍රාත්වරිය වෙතට ඉදිරිපත් කළා.

එහිදී නිදහසද කරුණු දක්වමින් එකි නීතිඥවරයා සඳහන් කළේ ඇගේ මව අසනීපයෙන් පසුවන නිසා ඇගේ ඉල්ලිම අනුව ඇමතුමක් ගෙන දුන් බවත්, එය නොදැනුවත්ව වූ වරදක් බැවින් සමාව දෙන ලෙසයි.

එහිදි ඊට විරුද්ධත්වය පෑ බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්නේ එම සැකකාරියට දින 14 කට වරක් ඇගේ රටට විඩියෝ ඇමතුම් ලබාගැනීමට කටයුතු සලසා දෙන බවයි.

එසෙ තිබියදී මේ අකාරයෙන් හැසිරීම නීතිඥවරයකුට සුදුසු නොවන බවයි බන්ධනාගාර නිලධාරීන් පැවසුවේ.

එහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කළහොත් තමන්ගේ නීතිඥභාවය ⁣අහෝසි විය හැකි බවත්, නීතිඥවරුන්ට අධිකරණය තුළට ජංගම දුරකථනය ගෙන එමට අවසර දී ඇත්තේ රාජකාරි කටයුතුවලට මිසක මෙවැනි විශමාචාර ක්‍රියාවලට නොවන බවයි.

එමෙන්ම මේ පළමු අවස්ථාව බැවින් ඒ සඳහා සමාව දෙන බවත් නමුත් මින් ඉදිරියට මෙම නඩුවට පෙනී සිටිම තහනම් කරන බවත්, මෙම නඩුව අධිකරණය තුළ පැවැත්වෙන ⁣අවස්ථාවේදී අධිකරණයට නොපැමිනෙන ලෙසත් නියෝග කර දුරකථනය ලබාදීම සිදුකර තිබෙනවා.

එහිදී සැකකාර එංගලන්තය ජාතික කාන්තාව තවදුරටත් සැප්තැම්බර් 03 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මිගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ෂිමා ප්‍රේමරත්න මහත්මිය නියෝග කළා.

මේ වන තුරු අයගේ පවුලේ කිසිවෙකු මෙරටට නොපැමිණීම සහ අධිකරණයට ඥාතීන් කිසිවෙකු නොපැමිණීම විශේෂත්වයක්.

දකුණු ලන්ඩනයේ සිට පැමිණි 21 හැවිරිදි චාලට් මේ ලී මෙරට තුළට නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ බවට රේගු නිලධාරීන් චෝදනා කරමින් මත්ද්‍රව්‍ය මලු සමඟ ඉකුත් මැයි 13 වනදා ශ්‍රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

හිටපු ගුවන් සේවිකාවක වන ඇය සඳහන් කළේ ඇගේ ගමන් මලුවල මත්ද්‍රව්‍ය ඇති බව දැන සිටීම ප්‍රතික්ෂේප කරන බවත්, ඒවා කිසිවකු ඒ එහි තැන්පත් කර ඇති බවවයි.

මේ වන විට ඇය දින 90ක අධික කාලයක් බන්ධනාගාරගතව සිටිනවා.

එහිදීඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා සඳහන් කළේ ඇය වෙනුවෙන් ඇප අයැදුම්පතක් මීගමුව මහාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
4
+1
39
+1
11
+1
20
+1
7
+1
13
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29