යාපනය-නුවර මාර්ගයේ දරුණු අනතුරක් – දෙදෙනෙක් මරුට (ඡායාරූප)

යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර 187 හා 188 කණු අතර ප්‍රදේශයේ ඊයේ (17) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් තවත් 20 දෙනෙක් තුවාල ලබා ඇති බවයි ඕමන්ත පොලිසිය සඳහන් කළේ.

පොලිසිය වැඩිදුරටත් පැවසූවේ හැටන් සිට කිලිනොච්චිය, විශ්වමඩු දක්වා පිරිසක් රැගෙන ගිය කැබ් රථයක් සහ යාපනය සිට වවුනියාව දෙසට ගමන්ගත් ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් කැබ් රථයේ ගමන්ගත් කිලිනොච්චිය, විශ්වමඩු ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවක් සහ 31 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් වවුනියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, තුවාලකරුවන් වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

IMG 20250818 WA0033
IMG 20250818 WA0032
IMG 20250818 WA0036
IMG 20250818 WA0039
IMG 20250818 WA0038


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05