රෝහලෙන් ලබාදුන් උපදෙස් පත්‍රිකාවේ කියවගන්නත් බැරි අපබ්‍රංශ (වීඩියෝ)

සුනඛයෙක් සපා කෑ පුද්ගලයෙක් ප්‍රතිකාර සඳහා රජයේ රෝහලකට ගිය අවස්ථාවේ රෝහලෙන් ලබාදුන් උපදෙස් අත්පත්‍රිකාවක ව්‍යාකරණ දෝෂ විශාල වශයෙන් පවතින බව දැක තිබෙනවා.

ඒ, අනුව අදාළ පුද්ගලයා මේ පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

සුනඛන්ගේ සපාකෑම් වලින් සහ මාරාන්තික ජලභීතිකාවෙන් ආරක්ෂාවීම ගැන උපදෙස් මාලාවක් අදාළ අත්පත්‍රිකාවේ මුද්‍රණය කර තිබෙනවා.

උපදෙස් අඩංගු කරුණු 12ක් එහි මුද්‍රණය කර ඇති අතර, එහි ව්‍යාකරණ දෝෂ විශාල ප්‍රමාණයක් පවතින ආකාරය නිරීක්ෂණය වනවා.

අදාළ උපදෙස් අඩංගු අත්පත්‍රිකාව නිරීක්ෂණය කිරීමේ දී දැකගත හැකි වූයේ ව්‍යාකරණ දෝෂ සහ මුද්‍රණ දෝෂ 24ක් පවතින බවයි.

රජයේ රෝහලකින් මහජනතාවට ලබාදෙන මෙවැනි උපදෙස් අත්පත්‍රිකාවක මේ ආකාරයෙන් දෝෂ පවතින බවට අදාළ බලධාරීන්ට නිරීක්ෂණය නොවීම අභාග්‍යට කරුණක්.

2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
22
+1
0
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?