අසල්වැසි නිවසක පදිංචිව සිටි යුවළක් සිව් හැවිරිදි පිරිමි ළමයෙකුගේ ලිංගේන්ද්‍රිය කපා දැමූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.
මෙහිදී බරපතළ තත්ත්වයේ පසුවූ දරුවා පට්නා හි රෝහලකට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
පට්නා හි ගෞරිචක් ප්‍රදේශයේ දී ඊයේ (16) දින මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
සිද්ධියෙන් පසු සැකකාර යුවළ ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙනවා.
යම් සුළු කාරණයක් හේතුවෙන් දරුවාට මෙම අපරාධය සිදුකර ඇති බවයි වින්දිත දරුවාගේ පවුලේ සාමාජිකයන් පැමිණිල්ලක් සිදුකරමින් පොලිසියට පවසා ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
2
+1
7
+1
2
+1
2




