ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදුවන අලුත්වැඩියා කටයුතු මේ වනවිට ආරම්හ කර තිබෙනවා.
අමාත්‍යමණ්ඩල අනුමතිය යටතේ, වසර 42කට අධික කාලයකට පසු මෙලස ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිදුවන අලුත්වැඩියා කටයුතු කතානායක ජගත් වික්‍රමරත්නගේ උපදෙස් මත සිදුකරනු ලබනවා.
ඒ, අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ කොන්ක්‍රීට් වහල මත තිබෙන පස් තට්ටුව ඉවත්කොට අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතිනවා.
එමෙන්ම වැහි පිහිලි, තඹ දොර, පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානය, වැසිකිළි පද්ධතිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවේකාගරයේ අලුත්වැඩියා කටයුතු මෙලෙස සිදුකෙරෙනවා.
මෙයට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේ සුළු නඩත්තු කටයුතු සම්බන්ධිකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව මගින් සිදුකළ ද මෙම මහා පරිමාණ අලුත්වැඩියා කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සිදුකරනු ලබනවා.









