තවත් රාජ්‍ය ආයතන පනහක් GovPay පද්ධතිය හා සම්බන්ධ කිරීමට පියවර ගෙන තිබෙනවා.
සැප්තැම්බර් මාසයේ සිට එය ක්‍රියාත්මක බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල සඳහන් කළේ.
ඒ, අනුව GovPay පද්ධතිය හා සම්බන්ධ රාජ්‍ය ආයතන සංඛ්‍යාව සීයයක් දක්වා ඉහළ යනු ඇති.
මේ අතර එළඹෙන සැප්තැම්බර් මාසය ඩිජිටල් ආර්ථික මාසය ලෙස නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.
රටම ඩිජිටල් ආර්ථිකයක් කරා යොමු කිරීම මෙහි අරමුණයි.
එම මාසය තුළ, එහි ප්‍රතිලාභ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
+1
+1
+1
+1
+1
1





