වරප්‍රසාද අහෝසි කළාට ගැටළුවක් නැහැ – හිටපු ජනපති මහින්ද (වීඩියෝ)

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීමට ආණ්ඩුව පියවර ගන්නේ දේශපාලන පළිගැනීම මත බව හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

කොළඹ අද (05) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

හිටපු ජනධිපතිවරයා මෙහිදී පවසා සිටියේ ලබා දී ඇති ඕනෑම වරප්‍රසාදයක් ඉවත් කළ ද කිසිදු ගැටළුවක් නොමැති බවයි.

ජනතාව විසින් ලබා දී ඇති වරප්‍රසාදට වඩා වටිනා දෙයක් නොමැති බවත්, එය පවතින තාක්කල් ඕනෑම වරප්‍රසාදයක් ඉවත් කිරීමට කටයුතු කළත් ප්‍රශ්නයක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
8
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?