නාමල් අත්අඩංගුවට ගන්න වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

2018 වසරේ දී හම්බන්තොට වරාය චීනයට ලබාදීමට එරෙහිව හම්බන්තොට දී පවත්වන ලද විරෝධතාවක් සම්බන්ධයෙන් වන ආණ්ඩුවකට අදාළව ඔහුට අද (28) දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට නියමිතව තිබුණා.

මීට පෙර අවස්ථාවේ දී නාමල් රාජපක්ෂ ඇතුළු 08 දෙනෙකුගෙන් යුත් පිරිසක් එම සිද්ධියට ඇප මත මුදාහල අතර අද (28) එම නඩුව කැඳ වූ අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

ඒ, අනුවයි හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් ඕෂධ මහආරච්චි මහතා විසින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස දන්වමින් මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
28
+1
6
+1
122
+1
3
+1
7
+1
3
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?