තරුණියක් සමඟ ඇති වූ බහින් බස්වීමකින් පසු තරුණයෙක් ගිනි තබාගෙන මිය යයි

තරුණියක් සමඟ ඇති වූ කතා බහකින් අනතුරුව තරුණයෙකු සිරුරට ගිනි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

හලාවත, කොක්කාවිල ප්‍රදේශයේ දී ඊයේ (27) මෙම සිදුවීම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වලපනේ, ඇටකෙහෙල්ලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වයස අවුරුදු 29ක පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා ඊයේ (27) පස්වරුවේ හලාවත, කොක්කාවිල මංසන්ධියේ දී තම සිරුරට පෙට්‍රල් වත්කරගෙන ගිනි තබාගෙන ඇති අතර, එම ස්ථානයේ සිටි පිරිස වහාම ගින්න නිවා දමා ඔහුව ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එලෙස රෝහල් ගතකළ එම පුද්ගලයා මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
.
සියදිවි හානිකරගත් තරුණයා ඊයේ (27) සවස කොක්කාවිල මංසන්ධියේ දී තරුණියක් සමඟ බහින් බස්වන ආකාරය ප්‍රදේශවාසීන් දැක තිබෙනවා.

මිය ගොස් ඇති තරුණයා කුමන හේතුවක් මත හලාවත ප්‍රදේශයට පැමිණියේ ද යන්න අනාවරණය වී නොමැති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?