රෙස්ලිං පිටියේ පුරාවෘත්තයක් වූ හල්ක් හෝගන් ජීවිතක්ෂයට

මල්ලවපොර පිටියේ පුරාවෘත්තයක් වන හල්ක් හෝගන් මියගොස් තිබෙනවා.

හල්ක් හෝගන් මිය යනවිට 71 වන වියේ පසු වුණා.

හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගතකර සිටිය දී මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එක්සත් ජනපදයේ ජෝජියාහිදී උපත ලැබූ හල්ක් හෝගන්ගේ සැබෑ නම වන්නේ ටෙරී බොලියා යි.

1980 දශකයේ වෘත්තීය රෙස්ලිං ක්‍රීඩාවට පිවිසි හල්ක් හෝගන්, 80 සහ 90 දශකවල මල්ලවපොර පිටියේ විශාලතම වෘත්තීය මල්ලවපොර ක්‍රීඩකයා වුණා.

ඔහු ලැබූ ජයග්‍රාහණ හේතුවෙන් ලොව පුරා වඩාත් ජනප්‍රියත්වයට පත් වූ අතර, ඔහුට ගෞරව කිරීමක් ලෙස එක්කරන ‘WWE Hall of Fame’ නාමාවලියට ද හල්ක් හෝගන්ගේ නම ඇතුළත් කෙරුණා.

මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හෝගන්ගේ පවුලට සිය ශෝකය පළ කරමින් පවසා ඇත්තේ, ඔහු ශක්තිමත්, දැඩි, බුද්ධිමත් මෙන්ම විශාලතම හදවතක් ඇති අයෙක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
1
+1
25
+1
4
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32