රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පියවර ගැනීම සාධනීය පියවරක් ලෙස
ශ්‍රී ලංකා කතෝලික සභාව සලකන බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් අද (21) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළා.
කෙසේ වෙතත් ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ප්‍රකාරව අපරාධ නඩු පැවරීමට කටයුතු කිරීම ශ්‍රී ලංකා කතෝලික සභාවේ ස්ථාවරය බවයි මෙහිදී අදහස් දක්වමින් සිරිල් ගාමිණි පියතුමන් වැඩිදුරටත් පැවසුවේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව පසුගියදා අනුමැතිය දී තිබුණා.
ඒ, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ප්‍රකාරව ඔහුට එරෙහිව සිදුකළ විනය පරීක්ෂණයේ දී චෝදනා පත්‍රයේ තිබූ සියලු චෝදනාවලට ඔහු වරදකරු වීම හේතුවෙන්.




