කොවිඩ් තත්ත්වය ගැන එජාප නායක රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්

කොවිඩ් පාලනය වෙනුවෙන් අලුතින් සිතා අලුත් වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (23) දිනයේ දී “කොවිඩ් තත්ත්වය“ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ, කොවිඩ් රෝග පාලන සඳහා එන්නත් කෝටි තුනක ප්‍රමාණයක් මෙරටට අවශ්‍ය බවය.

රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ සම්පුර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ.

“කොවිඩ් රෝග පාලන එන්නත් කෝටි තුනක ප්‍රමාණයක් මෙරට ජනතාවට අවශ්‍යයි. එම එන්නත් ප්‍රමාණය මෙම වසර තුළ ගෙන්වා ගැනීමේ අපහසුතාවක් තිබෙනවා. එම නිසා කොවිඩ් පාලනය වෙනුවෙන් අලුතින් සිතා අලුත් වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාවයක් පවතිනවා. 

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පිරිසට එහි දෙවෙනි මාත්‍රාව දිය යුතු වෙනවා. නමුත් එහි හිඟයක් පවතින නිසා එම එන්නත ගෙන්වා ජනතාවට ලබා දෙන්න රජය කටයුතු කළ යුතුයි. රජයත්, තවත් කොටසක් පෞද්ගලිකවත් අවශ්‍ය එන්නත් ප්‍රමාණය ගෙන්වා ගන්න උත්සාහ දරමින් සිටිනවා.

රජය එන්නත්කරණය කරගෙන ගියත් සියලු පුරවැසියන්ට මේ වසර තුළදි එන්නත් දී අවසන් කරන්න බැරි වෙනවා. එම නිසා වෛද්‍ය උපදෙස් ගෙන පළමුව කළ යුත්තේ වෛරසය තවදුරටත් ව්‍යාප්තවීම පාලනය කර ගැනීම යි. මෙතනදී කාලෝචිතම දේ වෛද්‍ය උපදෙස් පිළිගැනීමයි.

ආර්ථිකය ගැන පෙන්වමින් ජන ජීවිත බිල්ලට දෙන්න එපා. මොකද ලංකාව බහිරව කන්දක් නොවෙයි. ලංකාවේ රුපියල බාල්දු වුනේ මහ බැංකුව මුදල් අච්චු ගැසූ නිසයි. එන්නත වෙනුවෙන් ඩොලර් කෝටි 20ක් ඉකුත් නොවැම්බරයේදි ආයෝජනය කළා නම් එන්නත් ප්‍රශ්නයක් මේ රටේ නෑ. විදේශ විනිමය ගැන පමණක් සිතා ඉන්දියානු සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම නිසා වෛරසය තව තවත් පැතිරුණා.

අද අපට පෙනෙන්නේ පවතින තිබෙන කොවිඩ් පාලන කමිටුවලින් මේවා කරන්න බැරි බවයි. රට වහන්න අවශ්‍ය නම් රට වසා, සහන අවශ්‍ය ජන කොටස් වලට සහන දෙන්න. ජනාධිපතිතුමාත් කැබිනට් මණ්ඩලයත් ව්‍යවස්ථාවෙන් තිබෙන බලතල ගෙන රෝග ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය සැලසුම් සකස් කරන්න. කැබිනට් මණ්ඩලය බාල්දු කරන්න එපා. රටේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් අවශ්‍ය බලය ගෙන කටයුතු කරමු. එසේ කරමින් රට ජාතිය බේරා ගන්න අවශ්‍ය කටයුතු කරන්න.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53