සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා වන රසික විතාන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියකට අදාළව ඔහු අද (19) දිනයේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථය කළුතර දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරයෙකුගේ දියණියකගෙන් රසික විතාන විසින් මිල දී ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
2024 දී අදාළ ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථය මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා විසින් මිලදී ගෙන ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
5
+1
51
+1
1
+1
3
+1
5
+1
7





