කුරුණෑගල ඉදිකළ සූර්ය විදුලි බලාගාරය බලශක්ති ඇමති අතින් විවෘත වෙයි

දේශීය ආයෝජකයින් සූර්ය විදුලිබල ක්ෂේත්‍රයට කරන ආයෝජන දිරිමත් කිරීම රජයේ වැඩපිළිවෙල බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා.

කුරුණෑගල, හිරිපිටිය ප්‍රදේශයේ අලුතින් ඉදිකළ සූර්ය විදුලි බලාගාරය විවෘත කිරීමේ අවස්ථාවට අද (17) දිනයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

දේශීය ආයෝජකයින් සහ සමාගම් මෙරටට ආශීර්වාදයක් ලෙස හැඳින්විය හැකි සූර්ය විදුලිබල ක්ෂේත්‍රයයේ ආයෝජනය කිරීම ඉතා ඉහළින් අගය කරන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

භූමිය මත සවිකළ සූර්යපැනල පද්ධති ක්‍රමවේදය භාවිත කරන මෙම සූර්ය බලාගාරයෙන් වසරකට ගිගාවොට් පැය 10ක නිෂ්පාදනයක් සිදුකෙරෙනවා.

ඒ, අනුව විදුලි නිෂ්පාදනයට වසරකට ඩීසල් සඳහා වැයවන ඇමරිකානු ඩොලර් මිලියන 3.3ක පමණ විදෙස් විනිමය ඉතිරිකර ගැනීමට හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
35
+1
2
+1
21
+1
1
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?