Tomorrowland ප්‍රශංගයේ වේදිකාවේ ගිනිගනී (වීඩියෝ)

බෙල්ජියමේ පැවැත්වීමට නියමිතව තිබූ 2025 ටුමෝරෝලෑන්ඩ් (Tomorrowland) සංගීත ප්‍රශංගයේ වේදිකාවේ ගින්නක් හටගෙන තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ප්‍රසංගය ආරම්භවීමට දින දෙකකට පෙර හටගත් මෙම ගින්නෙන් එම ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.

මෙම ගින්නෙන් කිසිවෙකුට හානියක් සිදුව නොමැති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මේ අතර ටුමෝරෝලෑන්ඩ් සංවිධායකයින්වන ‘ටුමෝරෝලන්ඩ්’ පවසන්නේ ඇතිවූ ගින්නක් හේතුවෙන් ටුමෝරෝලන්ඩ් ප්‍රධාන වේදිකාවට දැඩි හානි සිදුවී ඇති බවයි.

ගින්න ඇති වන අවස්ථාවේ උත්සවයට සහභාගී වූවන් කිසිවෙකු එහි නොසිටි නමුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් 1,000ක් පමණ පැමිණ සිටි ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඔවුන්ව වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම සංගීත ප්‍රසංගය හෙට (18) දින ඇන්ට්වර්ප් නගරයට දකුණින් පිහිටි බූම් නගරයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ අතර,
එය සති අන්ත දෙකක් පුරා පැවැත්වීමටයි සැලසුම්කර තිබුණේ.

මීට ප්‍රේක්ෂකයින් 400,000ක් පමණ පිරිසක් සහභාගී වෙනු ඇතැයි අපේක්ෂාවෙන් සිටියා.

කෙසේ වෙතත් ටුමෝරෝලෑන්ඩ් සංවිධායකයින්වන ‘ටුමෝරෝලන්ඩ්’ සඳහන් කරන්නේ ප්‍රසංගය පැවැත්වීම සඳහා විසඳුම් සොයමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
10
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අළුවූ වැඩිහිටි නිවස බලන්න මහරෑම ආරක්ෂක ලේකම් එයි - ඇවිත් මාධ්‍යයට කියපු දේ
02:13
Video thumbnail
හද කම්පා කරමින් දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
01:38
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54