අගෝස්තු 01ට කලින් තවත් තීරුබදු අඩු කරගන්න මෙරට නියෝජිතයින් පිරිසක් වොෂින්ටනයට

අමෙරිකානු තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් එළැඹෙන 18 වනදා අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා.

අද (15) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

වොෂින්ටන් හි දී මෙරටින් පිටත් ව යන නියෝජිතයින් සාකච්ඡා දිගින් දිගටම සිදු කිරීම අරමුණු කරගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ.

එම සාකච්ඡා මගින් අගෝස්තු 01ට කලින් පනවන ලද බදු අඩු කරගැනීමට තවත් උත්සාහ කරන බව ද විදේශ අමාත්‍යවරයා පැවසුවා.

ඒ සම්බන්ධයෙන් ද්ව්පාර්ශවික ගිවිසුමකට ඒමට දැනටමත් සාකච්ඡා කර අවසන් බවත් හෙතෙම අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?