කන්නඩ රූපවාහිනී නිළියක් සහ නිවේදිකාවක් වන මංජුලා ශෘතිට ඇයගේ සැමියා විසින් පිහියකින් ඇන ඝාතනය කිරීමට තැත්කර තිබෙනවා.
පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබූ මංජුලා ශෘති මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
ප්‍රේම සම්බන්ධයකින් පසු ශ්‍රෘති මීට වසර 20 කට පෙර අම්රේෂ් සමඟ විවාහ වී තිබෙනවා.
මෙම යුවළට දරුවන් දෙදෙනෙකු ද සිටින අතර, බැංගලෝර් හි හනුමන්ත්නගර් ප්‍රදේශයේ කුලී නිවසක ඔවුන් ජීවත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත්, ශ්‍රෘතිගේ හැසිරී රටාව සම්බන්ධයෙන් ඇති වූ සැකය මත ඇගේ සැමියා විසින් මෙලෙස ඇයට පිහියෙන් ඇන ඇති බවයි වාර්තා වුණේ.
අම්රේෂ් විසින් පළමුව ගම්මිරිස් ඉසින ශ්‍රෘතිගේ මුහුණට ඉස ඇති අතර, පසුව ඇගේ ඉළ ඇට, කලවා සහ බෙල්ලට කිහිප වතාවක් පිහියෙන් ඇන, ඇගේ හිස බිත්තියේ හප්පා ඇති බවයි අනවරණය වී ඇත්තේ.
ශෘති වික්ටෝරියා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, හනුමන්ත්නගර් පොලිසිය විසින් අම්රේෂ් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ ආතර විවාහ ජීවිතයේ ඇති වූ මතභේද හේතුවෙන් ඔවුන් නිතර නිතර රණ්ඩු වන බව විමර්ශනවලින් හෙළිව ඇති බව සඳහන්.





