මෙන්ඩිස්ගේ හා පැතුම්ගේ වේගවත් ඉනිමෙන් ශ්‍රී ලංකාවට T20 තරග ජයක්

සංචාරක බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය ඊයේ (10) රාත්‍රියේ දී ශ්‍රී ලංකාවට හිමි වුණා.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ව පිතිකරණය තෝරාගත්තා.

ඒ අනුව පළමු ව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් බිඳ වැටී ලකුණු 154ක් ලබා ගත්තා.

බංග්ලාදේශය වෙනුවෙන් පර්වේෂ් හුසේන් ලකුණු 38ක්, මොහොමඩ් නයීම් නොදැවී ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වුණා.

කඩුලු බිඳ දැමීමේ දී ජෙෆ්‍රි වැන්ඩර්සේ, දසුන් ශානක, නුවන් තුෂාර එක් කඩුල්ල බැගින් බිඳ හෙලූ අතර කඩුලු දෙකක් මහීෂ් තීක්ෂණ විසින් බිඳ හෙලනු ලැබුවා.

ජයග්‍රහණයට ලකුණු 155ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් පමණක් දැවී සිය ජය තහවුරු කළා.

එහිදී ආරම්භක පිතිකරු ලෙස ආ පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ලට ලකුණු 78ක සබඳතාවක් ගොඩනැගුවා.

නිස්සංක පන්දු 16ක දී ලකුණු 42ක් රැස් කළ අතර ජයග්‍රහණයේ නියමුවා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 73ක් රැස් කළේ හයේ පහර තුනක් සහ හතරේ පහර 05ක් ද සමගින්.

කුසල් පෙරේරා ලකුණු 24යි.

කඩුලු බිඳ දැමීමේ දී මොහොමඩ් සයිෆුදීන්, රිෂාඩ් හුසේන් හා මෙහිඩි හසන් එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

තරගයේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස් දිනා ගත්තා.

දෙරට අතර තවත් පන්දුවාර 20 තරග දෙකක් පැවැත්වීමට ඉතිරිව තිබෙන අතර දෙවැනි තරගය ජුලි 13 රාත්‍රී 07ට දඹුල්ලේ දී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34
Video thumbnail
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තුත් වැඩිවෙයිද ?..මේක දේශපාලන මඩ ගැසීමක් වෙන්න ඕන
02:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43
Video thumbnail
දේදුන්නක් දැකලා ලි#ගික නැමියාවක් එනවා කියලා මහා කැම්පේන් කළානේ..ලැබෙන ලි#ගික අධ්‍යාපනය ප්‍රමාණවත් නෑ
06:21
Video thumbnail
හැකර් කොල්ලකෑව වාර්තාව පෞද්ගලික පරිශීලනයට ලැබුණ නිසා හර්ෂට යකා නගියි.."මේකට මට වග කියන්න බැහැ"
08:57
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43