රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද (10) රාත්‍රියේ වීථී සංචාරය කිරීමට නියමිතයි.
හෙට (11) අලුයම දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව ඇසළ උත්සවය නිම කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඊයේ රාත්‍රියේ දී 14 වන කතරගම ඇසළ පෙරහැර වීථි සංචාරය කෙරුණා.
නැටුම් අංග රැසකින් අංග සම්පූර්ණ වූ පෙරහැර මංගල්‍යයට අලි ඇතුන් ද විශාල ප්‍රමාණයක් එක් කර තිබුණා.
බස්නායක නිළමේතුමන්ගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව දේවාභරණ රැගත් කරඬුව ප්‍රධාන හස්තිරාජයා වන ‘වාසනා’ මත වඩා හිඳුවා පෙරහැර ඇරඹූ බව ද වාර්තා වනවා.
පසුව ප්‍රධාන වහල්කඩින් නික්ම ගිය පෙරහැර පිට වීථිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලයට ගෙවැද එහිදී පුරාණ පුද සිරිත් ඉටුකොට නැවත ප්‍රධාන වීථිය ඔස්සේ ම මහ දෙවොලට ගෙවැද පෙරහැර නිමා වනු ඇති.





