බංගලීන්ට එරෙහි T20 තරගාවලියේ පළමු තරගය අද රෑ පල්ලෙකැලේ දී

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පන්දුවාර 20 – 20 තරග තුනකින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (10) ඇරඹෙනවා.

ඒ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී රාත්‍රී 07ටයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට හිමි ව තිබෙනවා.

ඒ නිත්‍ය නායක ලෙස කටයුතු කරන වනිඳු හසරංග පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

මෙම ආබාධ තත්ත්වය මත වනිඳුට බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග තුනම අහිමි වනු ඇති බවත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිවේදනය කළා.

බංග්ලාදේශයේ නායකත්වය කඩුලු රකින ක්‍රීඩක ලිට්න් ඩාස් හට හිමිව තිබෙනවා.

බංග්ලාදේශය වෙනුවෙන් T20I කණ්ඩායමට නම්කර සිටින්නේ; Tanzid Hasan, Parvez Hossain Emon, Litton Das, Towhid Hridoy, Shamim Hossain, Jaker Ali, Mehidy Hasan Miraz, Tanzim Hasan, Rishad Hossain, Taskin Ahmed, Mustafizur Rahman යන ක්‍රීඩකයින්.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්‍රි වැන්ඩර්සේ, නුවන් තුෂාර, මතීෂ පතිරණ,බිනුර ප්‍රනාන්දු නම්කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මෙතෙක් T20I තරග 17ක් පවත්වා ඇති අතර ඉන් 11ක ම ජය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවටයි.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය තම මව්බිමේ දී T20I තරග දෙක බැගින් ජයගෙන තිබෙනවා.

මේ අතර සංචාරක බංග්ලාදේශයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය හා එක්දින තරගාවලිය ද ශූරත්වය ඉසිලුවේ සත්කාරක ශ්‍රී ලංකාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23