බමන මතින් 1990ට අමතා ගිලන් රථය පැමිණි පසු රියදුරුට සහ සහයිකාවට පහර දීලා

හැටන් පොලිසියට අනුයුක්ත කර ඇති 1990 සුව සැරිය ගිලන් රථයේ රියදුරාට සේවිකාවට සහ ගිලන් රථයට පහර දුන් සැකකරුවන් දෙදෙනෙකු දිඹුල පතන පොලිසිය විසින් අද (22) දින අත්අඩංගුවට ගත් බව දිඹුල පතන පොලිසිය පවසනවා.

දිඹුල පතන පොලිසියට අයත් කුඩාගම ආගිල් ප්‍රදේශයේ ඉදි කරමින් පවතින සංචාරක නිකේතනයක සේවකයෙකු ආලින්දයෙන් බිමට වැටි තුවාල සිදු වි ඇති බවට 1990 ගිලන් රථ සේවයට අද දින අලුයම 2 ට පමණ ඇමතුමක් ලැබී තිබුණා.

එම ඇමතුමට අනුව අදාළ සංචාරක නිකේතනය වෙත ගිය හැටන් 1990 සුව සැරිය ගිලන් රථ සේවයේ රියදුරා සහ සේවිකාව ආලින්දයෙන් බිමට වැටුණේ යැයි කියන එම සංචාරක නිකේතනයේ ඉදි කිරිම් කටයුතුවල නිරත වි සිටින සේවකයා පරික්ෂා කර බැලිමේදි ඔහුට කිසිදු තුවාලයක් හෝ ආලින්දයෙන් බිමට වැටි අනතුරක් සිදු වි ඇති බවට තහවුරු නොවු නිසා රෝහල් ගත කිරීම අවශ්‍ය නොවන බව පවසා තිබෙනවා.

එබැවින් උරණවූ වැටුණේ යැයි කියන සේවකයා සහ ඔහු සමග බිමත්ව සිටි තවත් පුද්ගලයෙකු ගිලන් රථයේ රියදුරාට , සේවිකාවට පහර දී ගිලන් රථයටද හානි සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත්සැකකරුවන් දෙදෙනා අධික ලෙස බිමත්ව සිටි නිසා කොටගල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගෙන සැකකරුවන් දෙදෙනා අද දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව දිඹුල පතන පොලිසිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09