ශ්‍රී ලංකා රේගුව වසර අවසාන වීමටත් පූර්වයෙන් ඉතිහාසගත බදු ආදායමක් එකතු කරගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසනවා.
ඒ මහතා පැවසුවේ මෙම වසරේ ගෙවුණු මාස 06ක පමණක් රේගු බදු ආදායම රුපියල් ට්‍රිලියනය ද ඉක්මවා ගොස් ඇති බවයි.
එනම් එය රුපියල් බිලියන 1000ක වාර්තාගත ආදායමක්.
මෙම වසරේ දී රජය විසින් රුපියල් බිලියන 2115ක ඉලක්කයක් ලබා දී ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
කෙසේවෙතත් මෙම දියුණුවට හේතුව රේගුව තුළ සිදු වූ බදු එකතු කිරීමේ ක්‍රියාවලියේ ප්‍රතිව්‍යූහගතකරණය බවයි සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ.
මීට කැපවුණු සියලුම රේගු කාර්‍යය මණ්ඩලයට ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සිය ස්තුතිය පිරිනැමුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
1
+1
7
+1
2
+1
+1
+1





