පාසල් සිසුවියගේ හිටපු පෙම්වතා රෝහලක් තුළදී සිසුවිය ඝාතනය කරලා

රෝහලක් තුළ දී තරුණයෙකු විසින් පාසල් සිසුවියකගේ ගෙළ කපා අමානුෂික ලෙස ඝාතනය කළ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මධ්‍ය ප්‍රදේශ්හි නර්සිංහපූර් රජයේ දිස්ත්‍රික් රෝහල තුළ මෙම අපරාධය සිදුව ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සන්ධ්‍යා චෞද්රි නම් 19 හැවිරිදි සිසුවියක් බවයි වාර්තා වන්නේ.

මෙම සිසුවිය සමඟ මීට පෙර ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිය අභිෂේක් කොෂ්ටි නැමැති තරුණයක් විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි විමර්ශන සිදුකරන පොලිසිය සඳහන් කළේ.

මෙම සිසුවිය මාතෘ වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මිතුරෙකුගේ නෑනා බැලීමට පසුගියදා (27) රෝහලට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී ඇයට රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය තුළ දී මෙම අපරාධය සිදුකර ඇති අතර, අපරාධය සිදුකළ තරුණයා එදින දහවල් සිට රෝහල වටා එහා මෙහා ඇවිදිමින් සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිසුවිය එදින රෝහලට පැමිණෙන බව දැනගෙන ඔහු එලෙස රෝහල අවට රැඳී සිටින්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

මේ අතර විමර්ශනවල දී වැඩිදුරටත් කරුණු අනාවරණය වී ඇත්තේ සැකකාර තරුණයා විසින් අපරාධය සිදු කිරීමට පෙර ඔවුන් දෙදෙනා රෝහලේ කාමර අංක 22 පිටත කෙටි කතා බහක නිරතව ඇති බවයි.

අනතුරුව සැකකරු විසින් මෙම අපරාධය සිදුකර ඇති අතර, පසුව ඔහු ද තම අතේ තිබූ තියුණු ආයුධයෙන් ගෙළ කපාගෙන සියදිවි නසාගැනීමට උත්සාහ කර තිබෙනවා.

කෙසේ වෙතත් එම උත්සාහය අසාර්ථක වීමත් සමඟ එම ස්ථානයෙන් පිටතට පැමිණ රෝහලෙන් පිටත නවතා තිබූ යතුරුපැදියේ නැඟී පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනය සිදු වූ අවස්ථාවේ, ආරක්ෂකයින් දෙදෙනෙකු එම ස්ථානයෙන් පිටත යොදවා සිට ඇති අතර, හදිසි ප්‍රතිකාර අංශය තුළ වෛද්‍යවරයෙකු, හෙදියන් සහ තවත් කිහිප දෙනෙකු සිට තිබෙනවා.

කෙසේ වෙතත් ප්‍රහාරකයා නතර කිරීමට ඉන් කිසිවෙකු උත්සාහ කර නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
0
+1
1
+1
10
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන 30 සිට ග්‍රාම සේවා නිලධාරීන් දිවයින පුරා ලෙඩ නිවාඩු වාර්තා කරනවා - රජය එක්ක අපිට කිසිම තරහක් නෑ
05:48
Video thumbnail
පාරත් බදු අරගෙන යන සැප වාහන - මූන්ට ලයිසන් දීපු උන්ට ග#න්න ඕනි - පාර මැද මුන් යනවා
02:49
Video thumbnail
අජිත්ට නහුතෙටම තදවෙයි..ජනපතිට සැර සත්තමක් - ජනපතිතුමා මේ මොන නීතියක්ද ?
05:34
Video thumbnail
ඊයේ එක ගලයි ගැ#හුවේ කුරුල්ලෝ සෙට් එකක්ම බිම - නාමල් හදිස්සි වෙන්න එපා නම කතා කරනකල් ඉන්න
04:59
Video thumbnail
සජිත් වෙනුවෙන් පෙරට ආ අජිත්ට යකා නගියි - මන්ත්‍රීතුමිය සජිත්ගේ නංගි ගැන කිව්වේ සම්පූර්ණයෙන් බොරුවක්
07:17
Video thumbnail
මේ බලන්න පණුවෝ දඟලනවා - "ඊයේ වැස්සට වෙන්න ඇති..රෑත් සුද්ද කළා අපි"..සිංහපුර ඩෙංගු පරීක්ෂාව
05:24
Video thumbnail
හදිසියේම පාර්ලිමේන්තුවට ආ අමුත්තන් - කොහොමද එයාලා දුන්න ආචාරය
01:07
Video thumbnail
චරිත් අත්අඩංගුවට ගැනීම ගැන සජබ වරුණගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - ප්‍රබල වීඩියෝවක් එළියට දායි
20:07
Video thumbnail
මම කිසිම පක්ෂ දේශපාලනයක නෑ දැන් - අගමැති - ජනපති එක්ක සාකච්ඡාවක් දෙන්න
18:47
Video thumbnail
ජනපති ඇවිත් කිව්ව දේට දායාසිරි කට උත්තර නැතිවෙන්න කියයි - ශානි, රවී අපේ සතුරෝ නෙවෙයි - විහිළු කතානේ
12:39