ඉන්දීය රජය විසින් ක්‍රියාත්මක කරන ලද “සින්දු” මෙහෙයුමේ කොටසක් ලෙස ඉදිරි දින දෙක තුන තුළ ඉරානයෙන් අමතර ඉවත් කිරීමේ ගුවන් ගමන් තුනක් සැලසුම් කර ඇති බව ඉන්දීර විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
දිල්ලි ගුවන්තොටුපළේදී ගැටුම්වලින් පීඩාවට පත් ඉරානයෙන් ඉවත් කරන ලද ඉන්දියානු ජාතිකයින් 285 දෙනෙකුගෙන් යුත් නව කණ්ඩායමක් පිලිගැනීමෙන් අනතුරුව අමාත්‍යාංශ නිලධාරීන් ජනමාධ්‍ය හමුවේ පැවසුවේ, ඊශ්‍රායලයේ සිට ජෝර්දානයට ගිය ඉන්දියානු ජාතිකයින් 162 දෙනෙකු “දිනක් හෝ දෙකක් ඇතුළත” ආපසු ගෙන්වා ගන්නා බවයි.
“ඉදිරි දින දෙක තුන තුළ ඉරානයෙන් තවත් ගුවන් ගමන් තුනක් පැවැත්වීමට අපි සැලසුම් කර ඇත්තෙමු. එලෙසම, අපි ඉරානයේ මෙන්ම ඊශ්‍රායලයේ සිටින ඉන්දියානු ජාතීන් සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වමු… ඉන්දියානු ජාතිකයින් 162 දෙනෙකු ජෝර්දානයට දේශ සීමාව තරණය කර ඇති අතර, දිනක් හෝ දෙකක් ඇතුළත ඔවුන් නැවත ඉන්දියාවට ගෙන එනු ලැබේ,” අමාත්‍යාංශය පැවසුවා.
මේ වන විට ඉරානයේ සිටි ඉන්දියානු ජාතිකයන් 1,713 දෙනෙකු ආපසු ගෙන්වා ගෙන ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා.





