ශ්‍රී ලංකාව තවත් ලකුණු 124ක් බංග්ලාදේශයට වඩා පිටුපසින්

සංචාරක බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද (20) යි.

තරගයේ තෙවැනි දිනය වන ඊයේ (19) දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04ක් දැවී 368ක් ලබා සිටියා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ද්විත්ව ටෙස්ට් ශතකය ආසන්නයේ සිටි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අවාසනාවකට ලකුණු 187ක් අතැතිව සිටියදී දැවී ගියා.

දිනේෂ් චන්දිමාල් ලකුණු 54ක් සහ ඇන්ජිලෝ මැතිව්ස් ලකුණු 39ක් ලබා ගත්තා.

මේ වනවිට පස්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ රැඳී සිටින්නේ නායක ධනංජය ද සිල්වා සමගින් කමිඳු මෙන්ඩිස්.

කමිඳු නොදැවී ලකුණු 38ක් සහ ධනා නොදැවී ලකුණු 17ක් අතැතිව සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයේ පළමු ඉනිමට වඩා පසුපසින් සිටින ලකුණු සංඛ්‍යාව 124ක්.