සබරගමුව සරසවියේ තාක්ෂණික පීඨයේ සිසුවෙකු සිය නිවසේ දී සියදිවි නසා ගැනීමට හේතුව නවකවදයට ලක් වීම බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.
එම සිසුවා විශාදය රෝගී තත්ත්වයෙන් පීඩා විඳ නොමැති බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා ඇත්තේ.
සරසවි පාලනාධිකාරිය විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක නවකවද සිදුවීම් පිටතට අනාවරණය වීමට ඉඩ දී නොමැති බව ද හෙළි ව තිබෙනවා.
පසුගියදා නිවසේ කුකුල් කොරටුවක දී සියදිවි නසා ගැනීමට ලක් වූ චරිත් දිල්ෂාන් නමැති සිසුවාට සිදුවීම සිදුවීමට පෙර දින රාත්‍රිය පුරා ම නවකවදය ලබා දී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර පෙරේදා (18) දිනයේ දී ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට නවකවද සිදුවීම සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට ද අධිකරණය තීන්දු කෙරුණා.
සිද්ධියට අත් අඩංගුවට ගත් සැකකාර විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් පිරිස තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි බලංගොඩ අධිකරණය නියෝග කළේ.





