ඉන්දියානුවන්ට ටෙහෙරානයෙන් පිටවෙන්නැයි උපදෙස්

ඉරානය සහ ඊශ්‍රායලය අතර උත්සන්න වන ගැටුම් මධ්‍යයේ, විදේශ කටයුතු අමාත්‍යාංශය (MEA) ඊයේ (17) ප්‍රකාශ කළේ ආරක්ෂක හේතුන් මත ටෙහෙරානයේ සිටින ඉන්දියානු සිසුන් නගරයෙන් ඉවත් කර ඇති බවයි.

වර්ධනය වන තත්ත්වය සැලකිල්ලට ගෙන තනිවම නගරයෙන් පිටව යා හැකි අනෙකුත් ඉන්දියානුවන්ට නගරයෙන් ඉවත් වන ලෙස උපදෙස් දී ඇති බව එහි සඳහන්.

මාධ්‍ය නිවේදනයකින්, විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, “තානාපති කාර්යාලය විසින් සකස් කරන ලද විධිවිධාන හරහා ටෙහෙරානයේ සිටින ඉන්දියානු සිසුන් ආරක්ෂිත හේතූන් මත නගරයෙන් ඉවත් කර ඇත. ප්‍රවාහන පහසුකම් සලසා ගත හැකි අනෙකුත් පදිංචිකරුවන්ට ද වර්ධනය වන තත්ත්වය සැලකිල්ලට ගෙන නගරයෙන් ඉවත් වන ලෙස උපදෙස් දී ඇත” යනුවෙන්.

නිවේදනයට අනුව, සමහර ඉන්දියානුවන්ට ඉරානයේ දේශසීමාව හරහා ඉරානයෙන් පිටවීමට පහසුකම් සලසා ඇති අතර, හැකි සියලු ආධාර ලබා දීම සඳහා තානාපති කාර්යාලය ප්‍රජාව සමඟ සම්බන්ධතා පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?