නායකත්ව ඉනිමක් සමගින් ෂැන්ටෝගෙන් අනර්ඝ ශතකයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ වනවිට (17) පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ ආරම්භක දිනයේ දී ම විශිෂ්ට ශතකයක් ලබා ගැනීමට නායක නජ්මුල් ෂැන්ටෝ සමත් වුණා.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය අද පෙරවරු 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර ෂැන්ටෝ ආරම්භයේ සිටම බිඳ වැටුණු මුල් පෙළ කඩුලු ත්‍රිත්ත්වයේ වාරුව විශිෂ්ට ඉනිමක් ප්‍රවේසම්කාරී ලෙසින් ක්‍රීඩා කරමින් ගොඩගැනීමට සමත් වුණේ සිය සගයා වන මුෂ්ෆිකර් රහීම් සමග එක්වෙමින්.

ෂැන්ටෝ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ සයවැනි ටෙස්ට් ශතකය අද ලබා ගත්තා.

ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර 11ක් එල්ල කිරීම ද කැපී පෙනුණා.

මේ වනවිට තරගයේ කාසියේ වාසිය දිනා පළමු ව පිතිකරණය තෝරාගත් බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු තුනක් දැවී ලකුණු 234ක් ලබා සිටිනවා.

ෂැන්ටෝ සමගින් සිව්වැනි කඩුල්ලට පිටියේ රැඳී සිටින්නේ නොදැවී ලකුණු 86ක් ලබාගනිමින් මුෂ්ෆිකර් රහීම්.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනූ තරිඳු රත්නායක කඩුලු දෙකක් සහ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් දවාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?