නායකත්ව ඉනිමක් සමගින් ෂැන්ටෝගෙන් අනර්ඝ ශතකයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ වනවිට (17) පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ ආරම්භක දිනයේ දී ම විශිෂ්ට ශතකයක් ලබා ගැනීමට නායක නජ්මුල් ෂැන්ටෝ සමත් වුණා.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය අද පෙරවරු 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර ෂැන්ටෝ ආරම්භයේ සිටම බිඳ වැටුණු මුල් පෙළ කඩුලු ත්‍රිත්ත්වයේ වාරුව විශිෂ්ට ඉනිමක් ප්‍රවේසම්කාරී ලෙසින් ක්‍රීඩා කරමින් ගොඩගැනීමට සමත් වුණේ සිය සගයා වන මුෂ්ෆිකර් රහීම් සමග එක්වෙමින්.

ෂැන්ටෝ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ සයවැනි ටෙස්ට් ශතකය අද ලබා ගත්තා.

ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර 11ක් එල්ල කිරීම ද කැපී පෙනුණා.

මේ වනවිට තරගයේ කාසියේ වාසිය දිනා පළමු ව පිතිකරණය තෝරාගත් බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු තුනක් දැවී ලකුණු 234ක් ලබා සිටිනවා.

ෂැන්ටෝ සමගින් සිව්වැනි කඩුල්ලට පිටියේ රැඳී සිටින්නේ නොදැවී ලකුණු 86ක් ලබාගනිමින් මුෂ්ෆිකර් රහීම්.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනූ තරිඳු රත්නායක කඩුලු දෙකක් සහ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් දවාගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06
Video thumbnail
ඥානසාර හිමිට ජනාධිපති සමාව ඉල්ලා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය පාරට බහියි
00:58
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20