කිවි දේශයේ කාන්තා ක්‍රිකට් හි රන් සලකුණක් එක්දින පිටියෙන් සමු ගනියි

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසු නවසීලන්ත නායිකා සොෆී ඩිවයින් එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යන බව නිවේදනය කර තිබෙනවා.

ඩිවයින් ජාත්‍යන්තර එක්දින තරග 152කකට ක්‍රීඩා කරමින් ශතක 08ක් සහ අර්ධ ශතක 16ක් රැස්කරගත් විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩිකාවක්.

නවසීලන්තයට පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයක පහස විඳින්නට අවශ්‍ය නායකත්වය ලබා දුන්නේ ද සොෆී ඩිවයින් විසින්.

ඇයගේ නායකත්වයෙන් යුතුව පැවති 2024 T20 කාන්තා ලෝක කුසලානයේ දී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරගනිමින් ජයගන්නට කිවියන්ට හැකි වුණා.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කළමනාකාරීත්වය පවසන පරිදි ඩිවයින්ගේ සහභාගීත්වය T20 තරග සඳහා ඉදිරියේ දී ගත හැකි වුව ද, එය ස්ථීර ගිවිසුමක් මත සිදු නොවනු ඇති බවටයි.

ඩිවයින් යනු 2006 වර්ෂයේ දී වයස අවුරුදු 17න් ක්‍රීඩාව ආරම්භ කරමින්, වසර 19ක විශිෂ්ට එක්දින ක්‍රිකට් දිවිය තුළ ලොව ප්‍රමුඛතම තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ගෙන් කෙනෙක්.

ඇය නවසීලන්තය වෙනුවෙන් සුසී බේට්ස්ට පසුව දෙවන වැඩිම කාන්තා එක්දින ලකුණු රැස් කළ ක්‍රීඩිකාව‍යි.

දැනට එක්දින ශතක අටක් ලබා ඇති සොෆී; බේට්ස්ට පසුව නවසීලන්තය වෙනුවෙන් දෙවන වැඩිම ශතකලාභියා ද වනවා.

සොෆී ඩිවයින් සිය විශ්‍රාම ගැන්ම සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ;

මට ඉවත් වීමට මෙය සුදුසු කාලය ලෙස හැඟේ. මම ඉවත් වීමට පෙර මෙම කණ්ඩායමට මට කළ හැකි සියල්ල ලබා දීමට මම අවධානය යොමු කර කැපවී සිටිනවා. තරුණ කණ්ඩායමේ ඉදිරිය ගැන මම සැබවින්ම සතුටු වන අතර ඉදිරි මාස හය සිට නවය දක්වා කාලය තුළ මගේ කාර්යභාරය ඉටු කිරීමට මම බලාපොරොත්තු වෙනවා.” යනුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15