කිවි දේශයේ කාන්තා ක්‍රිකට් හි රන් සලකුණක් එක්දින පිටියෙන් සමු ගනියි

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසු නවසීලන්ත නායිකා සොෆී ඩිවයින් එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යන බව නිවේදනය කර තිබෙනවා.

ඩිවයින් ජාත්‍යන්තර එක්දින තරග 152කකට ක්‍රීඩා කරමින් ශතක 08ක් සහ අර්ධ ශතක 16ක් රැස්කරගත් විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩිකාවක්.

නවසීලන්තයට පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයක පහස විඳින්නට අවශ්‍ය නායකත්වය ලබා දුන්නේ ද සොෆී ඩිවයින් විසින්.

ඇයගේ නායකත්වයෙන් යුතුව පැවති 2024 T20 කාන්තා ලෝක කුසලානයේ දී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරගනිමින් ජයගන්නට කිවියන්ට හැකි වුණා.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කළමනාකාරීත්වය පවසන පරිදි ඩිවයින්ගේ සහභාගීත්වය T20 තරග සඳහා ඉදිරියේ දී ගත හැකි වුව ද, එය ස්ථීර ගිවිසුමක් මත සිදු නොවනු ඇති බවටයි.

ඩිවයින් යනු 2006 වර්ෂයේ දී වයස අවුරුදු 17න් ක්‍රීඩාව ආරම්භ කරමින්, වසර 19ක විශිෂ්ට එක්දින ක්‍රිකට් දිවිය තුළ ලොව ප්‍රමුඛතම තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ගෙන් කෙනෙක්.

ඇය නවසීලන්තය වෙනුවෙන් සුසී බේට්ස්ට පසුව දෙවන වැඩිම කාන්තා එක්දින ලකුණු රැස් කළ ක්‍රීඩිකාව‍යි.

දැනට එක්දින ශතක අටක් ලබා ඇති සොෆී; බේට්ස්ට පසුව නවසීලන්තය වෙනුවෙන් දෙවන වැඩිම ශතකලාභියා ද වනවා.

සොෆී ඩිවයින් සිය විශ්‍රාම ගැන්ම සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ;

“මට ඉවත් වීමට මෙය සුදුසු කාලය ලෙස හැඟේ. මම ඉවත් වීමට පෙර මෙම කණ්ඩායමට මට කළ හැකි සියල්ල ලබා දීමට මම අවධානය යොමු කර කැපවී සිටිනවා. තරුණ කණ්ඩායමේ ඉදිරිය ගැන මම සැබවින්ම සතුටු වන අතර ඉදිරි මාස හය සිට නවය දක්වා කාලය තුළ මගේ කාර්යභාරය ඉටු කිරීමට මම බලාපොරොත්තු වෙනවා.” යනුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06
Video thumbnail
ඥානසාර හිමිට ජනාධිපති සමාව ඉල්ලා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය පාරට බහියි
00:58
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20