ඉරානයෙන් ඊශ්‍රායලට ඊයේ රාත්‍රියේත් ප්‍රහාර – ශ්‍රී ලාංකික කාන්තාවකටත් තුවාල

ඉරානය විසින් ඊශ්‍රායලට ඊයේ (14) රාත්‍රියේත් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මෙම ප්‍රහාරවලින් හයදෙනෙකු මිය ගොස් තවත් දුසිම් ගණනක් තුවාල ලබා ඇති බවයි ඊශ්‍රායල මාධ්‍ය සහ හදිසි සේවා ප්‍රකාශ කළේ.

ඉරානය, ඊශ්‍රායලයේ Bat Yam ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයකින් එක් ශ්‍රී ලාංකික කාන්තාවකට සුළු තුවාල සිදු වී ඇති බව වාර්තා වනවා.

ඇයගේ තතත්ත්වය බරපතල නොවන බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර ඊශ්‍රායලය ඉරානයේ මිසයිල ප්‍රහාරයකට මුහුණ දෙන අතරතුර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඔහුගේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය හදිසියේ කැඳවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මොහොතින් මොහොත උත්සන්නවන ඉරාන – ඊශ්‍රායල ගැටුම් මැද සිය ගුවන් කලාප වසා දැමීමට සිරියාව සහ ජෝර්දානය මේ වනවිට කටයුතු කර තිබෙනවා.

සිරියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ එරට වේලාවෙන් ඉරිදා උදෑසන 08 දක්වා ගුවන් කලාපය වසා දමන බවයි.
එමෙන්ම ජෝර්දානය සඳහන් කළේ නැවත දැනුම්දෙන තුරු තම ගුවන් කලාපය වසා දමන බවයි.

මේ අතර ඊශ්‍රායල හමුදා විසින් සිදුකරන ලද ප්‍රහාරවලින් පසුව ඉරානයේ ටෙහෙරානයේ වයඹ දෙසින් පිහිටි ෂහ්රාන් තෙල් ගබඩාව ගිනි ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06
Video thumbnail
මහ වැස්සෙන් කළුතර ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:26
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටවෙයි
01:22