බිරිඳගේ අවසන් කැමැත්ත ඉටු කිරීමට ඉන්දියාවට ගිය සැමියාත් ගුවන් අනතුරින් ජීවිතක්ෂයට

බිරිඳගේ මරණයෙන් දින 07කට පසු ව තමන් ජීවත් වූ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බලා පිටත්ව යාමට ඊයේ (12) දිනයේ දී එයාර් ඉන්දියන් ගුවන් යානයට ගොඩවී, ජීවිතක්ෂයට පත් වූ දෙදරු පියෙකු පිළිබඳව ද ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අර්ජුන් පටෝලියා නමැති පුද්ගලයෙක්.

සතියකට පමණ පෙර පටෝලියාගේ ආදරණීය බිරිඳ ජීවිතක්ෂයට පත් ව ඇති අතර, ඇයගේ අවසන් ඉල්ලීම වී ඇත්තේ, ඇයගේ භෂ්මාවශේෂ ඇය උපන් බිම වන ගුජරාටයේ අම්‍රේලි දිස්ත්‍රික්කයේ තැන්පත් කරන ලෙසයි.

එම ඉල්ලීම ඉටු කිරීම සඳහා ගුජරාටයට ගොස් සිටි මෙම දෙදරු පියා (අර්ජුන් පටෝලියා) ආදරණීය බිරිඳගේ ඥාතීන් හා එක් ව බිරිඳගේ භෂ්මාවශේෂ තැන්පත් කර, දින කිහිපයකට පසු යළිත් තම දරුවන් දෙදෙනා සමග එක්වීමට ලන්ඩනය බලා ගමන් ඇරඹීමට අහමදාබාද් ගුවන්තොටුපොළ වෙත ඊයේ දහවල් පැමිණ තිබුණා.

ඒ අනුව අර්ජුන් පටෝලියාට සිය ගමනාන්තය බලා යාමට නියමිත ව තිබූ ගුවන් යානය වූයේ අවාසනාවන්ත ලෙස කඩාවැටුණු බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් යානය යි.

බිරිඳ ද අහිමි ව යළිත් සිය දරුවන් දෙදෙනා සමග ජීවිතය ගොඩනගා ගැනීමට හීන දුටු අර්ජුන් ද ගුවන් යානය කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත් වූ මගීන් 241 දෙනා අතර සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
11
+1
2
+1
1
+1
183
+1
19
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13