පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව අද (09) දින පාර්ලිමේන්තුවේ දී රැස්වුණා.
එහිදී සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන්, වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පාර්ශ්වය විසින් සිය ස්ථාවරය ඉදිරිපත් කිරීම මෙම පරීක්ෂණ කමිටුවේදී අද (09) සිදුකෙරුණා.
මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්‍රම ද ඉදිරිපත් කිරීමට නියමිත සාක්ෂි සම්බන්ධයෙන් එකඟතාවය පළ කළ සිටියා.
ඒ, අනුව ලබන 11 වනදා සාක්ෂිකරුවන් 04 දෙනෙකුගෙන් සාක්ෂි විමර්ශනය සඳහා ද එකගත්වය පළ වුණා.
මේ අනුව ලබන 11 වනදා පෙරවරු 9.30ට පරීක්ෂණ කමිටුව රැස්වීමට තීරණය වී තිබෙනවා.















