ජාත්‍යන්තර පාසල් නියාමනය කරන ලෙසට ඉල්ලා අධ්‍යාපන අමාත්‍යාංශය අබියස විරෝධතාවක්

ගාල්ල ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පාසලකට පහසුකම් ලබා නොදෙන බවට චෝදනා කරමින් එම පාසලේ දරුවන්, දෙමව්පියන් හා සිවිල් සංවිධාන සහභාගිත්වයෙන් අද (04) පෙරවරුවේ බත්තමුල්ල – පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුවා.

අධ්‍යාපනයේ යුක්තිය උදෙසා පුරවැසි සන්ධානය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.

විරෝධතාකරුවන් කියා සිටින්නේ ජාත්‍යන්තර පාසල්වලින් ලැබිය යුතු පහසුකම් අදාළ පාසලෙන් නොලැබෙන බවත්, වහාම එම ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීමට රජය මැදිහත් විය යුතු බවයි.

මෙම විරෝධතාකරුවන් අධ්‍යාපන අමාත්‍යංශයට ඇතුල්වීමට උත්සාහ කිරීමේ දී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ද හට ගැනුණා.

පසුව විරෝධතාකරුවන් සයදෙනෙකුට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා සමග සාකච්ඡාවක් ලබාදීමට පියවර ගත්තා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමග සිදු කළ සාකච්ඡාවෙන් පසුව සති දෙකක් තුළ විසඳුමක් ලබාදීමට ද එකඟ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?