ජාත්‍යන්තර පාසල් නියාමනය කරන ලෙසට ඉල්ලා අධ්‍යාපන අමාත්‍යාංශය අබියස විරෝධතාවක්

ගාල්ල ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පාසලකට පහසුකම් ලබා නොදෙන බවට චෝදනා කරමින් එම පාසලේ දරුවන්, දෙමව්පියන් හා සිවිල් සංවිධාන සහභාගිත්වයෙන් අද (04) පෙරවරුවේ බත්තමුල්ල – පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුවා.

අධ්‍යාපනයේ යුක්තිය උදෙසා පුරවැසි සන්ධානය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.

විරෝධතාකරුවන් කියා සිටින්නේ ජාත්‍යන්තර පාසල්වලින් ලැබිය යුතු පහසුකම් අදාළ පාසලෙන් නොලැබෙන බවත්, වහාම එම ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීමට රජය මැදිහත් විය යුතු බවයි.

මෙම විරෝධතාකරුවන් අධ්‍යාපන අමාත්‍යංශයට ඇතුල්වීමට උත්සාහ කිරීමේ දී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ද හට ගැනුණා.

පසුව විරෝධතාකරුවන් සයදෙනෙකුට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා සමග සාකච්ඡාවක් ලබාදීමට පියවර ගත්තා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමග සිදු කළ සාකච්ඡාවෙන් පසුව සති දෙකක් තුළ විසඳුමක් ලබාදීමට ද එකඟ වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38