හෙට (05) දින වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ, සමසෞඛ්‍ය ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.
අදාළ ගැටලු විසඳාගැනීම සඳහා සාකච්ඡාවක් ලබාදීම විෂය භාර අමාත්‍යවරයා මඟ හරිමින් සිටින බවයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ.
පරිපූරක වෛද්‍ය සේවාවේ උසස්වීම් සම්බන්ධයෙන් පොරොන්දු වූ විසඳුම් මේ වන තෙක් ලබාදීමට පියවර ගෙන නොමැති බව ද හෙතෙම සඳහන් කළා.
ඒ අනුව සාකච්ඡාවකින් තොරව වර්ජනය අත්හැරීමට පියවර නොගන්නා බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අවධාරණය කරනවා.
මේ අතර රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ට ලබා දෙමින් තිබුණු අමතර සේවා දීමනාව ජනවාරි පළවෙනිදා සිට නවත්වා ඇති බවට ද වත්මන් රජයට චෝදනා එල්ල වී තිබෙනවා.
රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම කැඳවුම්කරු වෛද්‍ය චමල් ආර්. කුලතිලක පෙන්වා දුන්නේ එම ගැටලුව සම්බන්ධයෙන් වන පෙත්සම් දිවයින පුරා ස්ථාන 45ක දී රාජගිරියේ ආයුර්වේද රෝහලේ සියලු වෛද්‍යවරුන්ගේ ද අත්සනින් යුතුව අත්සන් කර ඉදිරියේ දී ජනාධිපතිවරයාට ලබා දීමට කටයුතු කරන බවයි.















