”මේ ජයග්‍රහණයට මං වසර 18ක් බලන් හිටියා” – RCB වෙනුවෙන් පේ වුණ කෝලිගෙන් ප්‍රකාශයක්

IPL ශූරතාව රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායමට දිනා දීමට තමන් මුළු තරුණ කාලය, ප්‍රමුඛතාව සහ අත්දැකීම් පසුගිය දශක දෙකක කාලය තුළ ලබා දුන් බව RCB කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ පිතිකරු විරාත් කෝලි පවසනවා.

කෝලි මෙම අදහස් පවසා ඇත්තේ ඊයේ (03) අහමදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම ලකුණු 06කින් අවසන් මහා තරගයේ දී පරාජයට පත් කරමින් ලැබූ ශූරතාවෙන් පසුවයි.

RCB වෙනුවෙන් එදා සිට වර්තමානය තෙක් සිටි ලෝක වාසී ප්‍රේක්ෂකයින්ට මෙම ජයග්‍රහණය අතිශය වැදගත් බව ද කෝලි පැවසුවා.

කෝලි වැඩිදුරටත් පැවසුවේ මෙවැන්නක්;

මෙම ජයග්‍රහණය රසිකයින්ට මෙන්ම කණ්ඩායමට ද එක හා සමානව වැදගත්, මේකට අවුරුදු 18ක් ගත වෙලා තියෙනවා. මම මේ කණ්ඩායමට මගේ තරුණ කාලය, මගේ ප්‍රමුඛත්වය සහ මගේ අත්දැකීම් ලබා දුන්නා. මම එන හැම වාරයකම මේක දිනන්න උත්සාහ කළා, මට තියෙන හැම දෙයක්ම දෙන්න. මේ මොහොත ලැබෙන එක ඇදහිය නොහැකි හැඟීමක්. මේ දවස එයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. අන්තිම පන්දුව යැව්වම මට කියාගන්න බැරි හැඟීමක් ඇති වුණා. මේක මට ගොඩක් වටිනවා. මම මගේ ශක්තියෙන් හැම අවුන්සයක්ම මේ කණ්ඩායමට දුන්නා. අවසානයේ IPL ජයග්‍රහණය කිරීමට හැකිවීම ම පුදුමාකාර හැඟීමක්.” යනුවෙන් කෝලි පැවසුවා.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම 18 වරක් IPL ශූරතාව දිනා ගැනීමට උත්සාහ දැරූ අතර ඔවුන් 2009, 2011, 2016 යන වර්ෂවල දී අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුව ද, අනුශූරත්වයෙන් සෑහීමට පත්වෙන්නට සිදු වුණා.

IPL වාර 18ක දී ම එකම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයා වන්නේ ද විරාට් කෝලි යි.

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීගයට එක් වුණ RCB කණ්ඩායම මූලික වටයේ තරග 14න් 09ක් ම ජය ගනිමින් පන්ජාබ් කින්ග්ස්වරුන්ට එරෙහිව අවසන් පූර්ව වටයට පිවිසුණා.

කාසියේ වාසිය දිනූ පන්ජාබ් නායක ශ්‍රියාර්ස් අයියර්ගේ ඇරයුම මත පළමු ව ලකුණු රැස් කළ බැංග්ලූරුවරුන් කඩුලු 09ක් දැවී ලකුණු 190ක් රැස් කළා.

එහිදී විරාට් කෝලි ලකුණු 43ක් රැස් කළා.

රජට් පටිදර් ලකුණු 26ක්, ලියෑම් ලිවින්ග්ස්ටෝන් ලකුණු 25ක් සහ ලකුණු 24 බැගින් මයාන්ක් අග්‍රවල් සහ ජිතේෂ් ශර්මා විසින් රැස් කරගනු ලැබුවා.

කඩුලු බිඳ දැමීමේ දී කයිල් ජෙමීසන් සහ අර්ෂඩීප් සින්ග් කඩුලු තුන බැගින් සහ එක් කඩුල්ල බැගින් වෛශාඛ්, චහල් සහ ඔමර්සායි විසින් දවා ගත්තා.

ජයග්‍රහණයට ලකුණු 191ක ඉලක්කයක් හඹා ගිය පන්ජාබ්වරුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී රැස් කළේ ලකුණු 184 යි.

ශශංක් සින්ග් නොදැවී ලකුණු 61ක් රැස් කළා.

ජොෂ් ඉන්ග්ලිෂ් ලකුණු 39ක් සහ Prabhsimran Singh ලකුණු 26ක් මෙන්ම ප්‍රියාන්ශ් ආර්‍යය ලකුණු 24ක් ලබා ගත්තා.

කෙසේවෙතත් එම ලකුණු ප්‍රමාණය මෙවර IPL ශූරතාව දිනා ගැනීමට තරම් පන්ජාබ්වරුන්ට ප්‍රමාණවත් වූයේ නැහැ.

ඒ අනුව රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලූරු කණ්ඩායම 18 වසරකට පසු ව සිය කුළුඳුල් IPL ශූරතාව දිනා ගැනීමට ඊයේ රාත්‍රියේ සමත් වුණා.

තරගයේ වීරයා රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම වෙනුවෙන් කඩුලු 02ක් දවාගත් කෘනාල් පාණ්ඩ්‍ය ය.

තරගාවලියේ වීරයා සම්මානය සූර්‍යයකුමාර් යාදව් විසින් දිනාගනු ලැබුවා.

තරගාවලියේ විශිෂ්ටතම උඩ පන්දුව රැක ගැනීමේ සම්මානය දිනා ගත්තා සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කළ කමිඳු මෙන්ඩිස් විසින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10