දරු සුරතල් බැලූ Phil Salt අවසන් මහා සටනට එක්වන බව තහවුරු කරයි

IPl 2025 අවසන් මහා සටනට තමන් අද (03) රාත්‍රියේ දී එක් වන බව Phil Salt නිවේදනය කර තිබෙනවා.

අද රාත්‍රියේ දී පන්ජාබ් කින්ග්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන අවසන් මහා තරගයේ දී මේ වන තෙක් Phil Salt ගේ සහභාගීත්වය RCB වෙත අවිනිශ්චිත මට්ටමකයි පැවැතියේ.

පසුගියදා සෝල්ට් යළිත් තම මව්බිම බලා ගියේ තම දරුවාගේ උපත වෙනුවෙන්.

ඉන් අනතුරුව ෆිල් සෝල්ට්ගේ අවිනිශ්චිතතාව හේතුවෙන් RCB වරුන් සිටියේ මෙතෙක් තරගාවලිය පුරා ම දැවැන්ත ශක්තියක් වූ පිතිකරුවෙකුගේ අහිමි වීම ද අතැතිවයි.

කෙසේවෙතත් අද පස්වරුව වන විට ෆිල් සෝල්ට් යළිත් අවසන් මහා තරගය පැවැත්වෙන අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය වෙත පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.

2016 දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ඇති වූ හද කම්පා කරවන පරාජයෙන් පසු IPL අවසන් මහා තරගයට සෝල්ට් ක්‍රීඩා කිරීමට නියමිත වීම RCB කණ්ඩායමට විශාල ශක්තියක් වනු ඇති බවයි ක්‍රීඩා විශ්ලේෂකයින් පෙන්වාදෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33