2025 IPL අවසන් මහා තරගය අද

2025 අයි.පී.එල් තරගාවලියේ අවසන් මහා තරගය අද (03) අහමදාබාද් හිදී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලියේ අවසන් මහා තරගය සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සුදුසුකම් ලබා සිටින අතර, අවසන් මහා තරගයක දී මොවුන් එකිනෙකා හමුවන්නේ පළමුවරට වීම ද විශේෂත්යක්.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිළ අයි.පී.එල් ඉතිහාසයේ අද දිනයේ මුහුණ දෙන්නේ සිව්වන අවසන් මහා තරගයට වන අතර, ඔවුන් මීට පෙර 2009, 2011 සහ 2016 වසරවල දී අවසන් මහා තරගය සඳහ සුදුසුකම් ලබාගත්තා.

පන්ජාබ් කිංග්ස් කණ්ඩායම මෙවර අවසන් මහා තරගයක් සඳහා තේරී පත්ව ඇත්තේ 2014 වසරෙන් පසුව වන අතර, මෙය අයි.පී.එල් තරග ඉතිහාසයේ ඔවුන් මුහුණදෙන දෙවන අවසන් මහා තරගයයි.

මෙම කණ්ඩායම් දෙකටම තවමත් අයි.පී.එල් ශූරතාවක් දිනාගැනීමට තවමත් හැකියාව ලැබී නොමැති අතර, ඒ අනුව සිය කුළුඳුල් ශූරතාව ජයග්‍රහණය කිරීම වෙනුවෙන් මෙම කණ්ඩායම් දෙකම අද ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයවන අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයයට පිවිසෙනු ඇති.

මෙම අවසන් මහා තරගයේ දී පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ශ්‍රෙයාස් අයියර් විසින් මෙහෙය වන අතර, ඔහු පසුගිය වර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ශුරතාව දිනාදීමට නායකත්වය ලබා දුන්නා.

මේ අතර මෙවර තරගාවලියේ දී නව නායකත්වයක් යටතේ තරග වැදීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිළ තීරණය කළේ රාජත් පටිදාර් වෙත නයකත්වයේ වගකීම පවරමින්.

ඒ, අනුව තමන්ට හිමි වූ පළමු අවස්ථාවෙන් ම සිය කණ්ඩායම අවසන් මහා තරගයක් සඳහා රැගෙන ඒමට රාජත් පටිදාර්ට හැකියාව ලැබි තිබීම ද විශේෂත්වයක්.

මේ අතර මෙවර අවසන් මහා තරගය සදහා නියෝජනය කරන කණ්ඩායම් දෙක තුළ සිටින එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර වන අතර, ඔහු මෙවර තරගාවලියේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝ කණ්ඩායම නියෝජනය කරනවා.

ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ක්‍රිකට් රසිකයින් බලා සිටින 2025 අයි.පී.එල් තරගාවලියේ ශූරයන් කවුරුන්දැයි තෝරන අවසන් මහා තරගය අද රාත්‍රී 7.30ට ආරම්භවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11
Video thumbnail
අක්‍රමිකතාවක් ගැන පොලිස්පතිට එරෙහිව පැමිණිල්ලක් - හිතවතාට බයික් ගෙන්නන දවසට බයික් ගන්න වෙන්නේ
06:10
Video thumbnail
මම කාගේත් මුදල් තැන්පතු භාර අරගෙන නෑ - එළියට ආ තිස්සකුට්ටි කිව්ව කතාව
06:14
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06