මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මේ මස අග දී එම තනතුරින් විශ්‍රාම ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
එම තනතුරින් විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩභාර ගැනීමට නියමිත බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (02) පෙරවරුවේ පැවති ජාතික බදු සතිය, සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හතක් නියෝජනය කරමින් ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
+1
1
+1
+1
+1





