දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල දැනට පදිංචිව සිටින පදිංචිකරුවන් නැවත පදිංචි කිරීම සඳහා ඉදිකරන ලද නිවාස සංකීර්ණයේ ප්‍රගතිය පරීක්ෂා කිරීමට හා කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් විශේෂ නිරීක්ෂණ චාරිකාවකට වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු නිරීක්ෂණ චාරිකාවට එක් වුණා.
මෙම නිවාස සංකීර්ණයේ නිවාස 120ක් ඇති අතර ඉන් 116ක් ජනතාවට ලබාදීමට නියමිතයි.
පාදුක්කේ සිට නාවින්න දක්වා දුම්රිය රක්ෂිතයේ සිටින ජනතාව වෙතයි මෙම නිවාස හිමිගැන්වෙන්නේ.
මෙම නිවාස සංකීර්ණය මේ වනවිට (මැයි 28) 99%ක් වැඩ අවසන් කර තිබෙන අතර ඉතිරි ප්‍රමාණයක් කඩිනමින් මාසයක් තුළ අවාන් කර ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන බවයි වැඩබලන අමාත්‍යවරයා පැවසුවේ.













