දුම්රිය සේවය පවත්වාගෙන යාම සඳහා දුම්රිය රියදුරන් 430 දෙනෙකු අවශ්‍ය බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර
පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් සාමාන්‍ය අධිකාරීවරයා පැවසුවේ දුම්රිය රියදුරන් 430 දෙනෙකුගේ අවශ්‍යතාවය පැවැතිය ද වර්තමානයේ සිටින්නේ දුම්රිය රියදුරන් 275 දෙනෙකු පමණක් බවයි.
දුම්රිය සේවයට දුම්රිය රියදුරන් බඳවා ගැනීම සඳහා වසර ගණනාවක සිට අවසරයක් නොලැබීම මෙම දුම්රිය රියදුරු හිඟයට හේතුවී ඇති බවයි ඔහු සඳහන් කළේ.
කෙසේ වෙතත් ඔහු සඳහන් කර සිටියේ දුම්රිය සේවයට දුම්රිය රියදුරන් ඇතුළු අනෙකුත් සේවකයින් බඳවා ගැනීම සඳහා මෙම වසරේ මාර්තු මාසයේ අවසරය හිමි වූ බවයි.
මේ අතර වර්තමානයේ දුම්රිය රියදුරන් 275ක් පමණක් සිටීම හේතුවෙන් ඔවුන්ව වැඩි දුම්රිය ගමන් වාර සංඛ්‍යාවකට යෙදවීමට සිදුව ඇති බව ද සාමාන්‍ය අධිකාරීවරයා සඳහන් කර සිටියා.
එමෙන්ම යම් අවස්ථාවක දුම්රිය රියදුරන් නිවාඩු ලබාගැනීමේ දී හෝ සේවයට වාර්තා නොකර සිටීමේ දී දුම්රිය සේවාව පවත්වාගෙන යාමේ ගැටලුකාරී තත්වයක් පවතින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.





