රියදුරන් 430ක් අවශ්‍ය දුම්රියට ඉන්නේ 275යි

දුම්රිය සේවය පවත්වාගෙන යාම සඳහා දුම්රිය රියදුරන් 430 දෙනෙකු අවශ්‍ය බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර
පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සාමාන්‍ය අධිකාරීවරයා පැවසුවේ දුම්රිය රියදුරන් 430 දෙනෙකුගේ අවශ්‍යතාවය පැවැතිය ද වර්තමානයේ සිටින්නේ දුම්රිය රියදුරන් 275 දෙනෙකු පමණක් බවයි.

දුම්රිය සේවයට දුම්රිය රියදුරන් බඳවා ගැනීම සඳහා වසර ගණනාවක සිට අවසරයක් නොලැබීම මෙම දුම්රිය රියදුරු හිඟයට හේතුවී ඇති බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත් ඔහු සඳහන් කර සිටියේ දුම්රිය සේවයට දුම්රිය රියදුරන් ඇතුළු අනෙකුත් සේවකයින් බඳවා ගැනීම සඳහා මෙම වසරේ මාර්තු මාසයේ අවසරය හිමි වූ බවයි.

මේ අතර වර්තමානයේ දුම්රිය රියදුරන් 275ක් පමණක් සිටීම හේතුවෙන් ඔවුන්ව වැඩි දුම්රිය ගමන් වාර සංඛ්‍යාවකට යෙදවීමට සිදුව ඇති බව ද සාමාන්‍ය අධිකාරීවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම යම් අවස්ථාවක දුම්රිය රියදුරන් නිවාඩු ලබාගැනීමේ දී හෝ සේවයට වාර්තා නොකර සිටීමේ දී දුම්රිය සේවාව පවත්වාගෙන යාමේ ගැටලුකාරී තත්වයක් පවතින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු
00:22
Video thumbnail
නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
00:40
Video thumbnail
මුළු පාරම වතුරෙන් වැහිලා ගිහින්
00:31
Video thumbnail
කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:33