ග්‍රෑම් 400ක ලුණු පැකට්ටුවක් රුපියල් 100යි – වැඩියෙන් වික්කොත් වැඩ වරදියි

රටට අවශ්‍ය ප්‍රමාණයට ලුණු මේ වනවිට ගෙනවිත් ඇති බවත්, එලෙස ආනයන කළ ලුණු ඊයේ (22) දිනයේ සිට බෙදාහැරීම ආරම්භ කර ඇති බවත් වෙළඳ අමාත්‍ය වසන්න සමරසිංහ පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ ආනයන කළ ලුණු තොග වශයෙන් නිකුත් කිරීමේ දී ලුණු කිලෝවක් රුපියල් 150ක මිලකට නිකුත්කර ඇති බවයි.

ඒ, අනුව කිසිඳු මිල වැඩි කිරීමක් නොමැතිව ලුණු අලෙවි කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන බවත් ඔහු සඳහන් කර සිටියා.

පාරිභෝගික ජනතාවට ඒ අනුව ග්‍රෑම් 400ක ලුණු පැකට්ටුවක් රුපියල් 100ක මුදලකට මිල දී ගත හැකි බව මාධ්‍ය වෙත අද (23) දිනයේ අදහස් දක්වමින් වෙළඳ අමාත්‍ය වසන්න සමරසිංහ පැවසුවා.

එම මිලට වඩා වැඩි මිලකට ලුණු අලෙවි කරනවා නම් ඔවුන්ට එරෙහිව අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි වෙළඳ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

රට තුළ ඇතිවී තිබෙන ලුණු හිඟයට ඉන්දියාවෙන් ආනයන කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය දා අනුමැතිය ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17
Video thumbnail
ආලෝකා පෙරටු කරගනිමින් සාම පාගමන ඉස්සරහට යන හැටි
00:47
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43