ග්‍රෑම් 400ක ලුණු පැකට්ටුවක් රුපියල් 100යි – වැඩියෙන් වික්කොත් වැඩ වරදියි

රටට අවශ්‍ය ප්‍රමාණයට ලුණු මේ වනවිට ගෙනවිත් ඇති බවත්, එලෙස ආනයන කළ ලුණු ඊයේ (22) දිනයේ සිට බෙදාහැරීම ආරම්භ කර ඇති බවත් වෙළඳ අමාත්‍ය වසන්න සමරසිංහ පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ ආනයන කළ ලුණු තොග වශයෙන් නිකුත් කිරීමේ දී ලුණු කිලෝවක් රුපියල් 150ක මිලකට නිකුත්කර ඇති බවයි.

ඒ, අනුව කිසිඳු මිල වැඩි කිරීමක් නොමැතිව ලුණු අලෙවි කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන බවත් ඔහු සඳහන් කර සිටියා.

පාරිභෝගික ජනතාවට ඒ අනුව ග්‍රෑම් 400ක ලුණු පැකට්ටුවක් රුපියල් 100ක මුදලකට මිල දී ගත හැකි බව මාධ්‍ය වෙත අද (23) දිනයේ අදහස් දක්වමින් වෙළඳ අමාත්‍ය වසන්න සමරසිංහ පැවසුවා.

එම මිලට වඩා වැඩි මිලකට ලුණු අලෙවි කරනවා නම් ඔවුන්ට එරෙහිව අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි වෙළඳ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

රට තුළ ඇතිවී තිබෙන ලුණු හිඟයට ඉන්දියාවෙන් ආනයන කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය දා අනුමැතිය ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?